
යම්කිසි Drive එකක් Compress කිරීමෙන් සිදුවන්නේ එහි ඇති Files Access වීමට පෙර යම්කිසි Algorithm එකකට Compress වීමයි (මෙය Disk Space එක වැඩි කරදෙයි). එම Files වලට හරි ආකාරව Access වීමේදී ඒවා නැවත Decompress වී Open වෙයි. මෙයට යම් කාලයක් ගතවෙයි. එහෙත් C:\ හැරුණු විට අනෙකුත් Drives වලට එයින් කිසිදු හානියක් සිදු වන්නේ නැත.
C:\Windows\ යනු පරිගණකයේ Windows Installation path එක කියා කවුරුත් දන්නවා. එහි ඇති BootMGR වැනි Boot වීමට වැදගත් Files වලට Boot වීමේදී Decompress කිරීමට අවසරයක් නැත. එම නිසා ඔබගේ පරිගණකය ඔබට් Boot කිරීමට නොහැකි වනු ඇත.
Comments
Post a Comment