Skip to main content

Auto-Starting Apps නවත්වන්නේ කෙසේද?


Auto-Start Apps යනු ස්වයංක්‍රීයව ආරම්භ වන Applications ය. බොහෝ වශයෙන් මේවාට අයත් වන්නේ Antivirus No GUI Launches, Driver Software bootup, සහ අනෙකුත් මෘදුකාංග ය. එහෙත් මෙලෙස ස්වයංක්‍රීයව ආරම්භ වීමට Virus, Malware, වැනි හානිදායක වැඩසටහන් වලටද හැකියාවක් ඇත. එවැනි අවස්ථා අවම කරගන්නා අකාරය මෙම ලිපිය කියවීමෙන් ඔබට වැටහෙනු ඇත.

පහතින් ක්‍රම කිහිපයක්ම දක්නට ඇත. ඒවා භාවිතයෙන් AutoStartup Apps නවත්වාගන්න


1. Windows 8, 8.1, 10 වැනි සංස්කරණ වලට අපට Task Manager නම් වැඩසටහනක් මගින් මෙම කාර්‍ය කරගත හැක. ඒ සඳහා Taskbar එක තුලට Right Click කර Task Manager නම් menu එක තෝරාගන්න. ඉන්පසු ලැබෙන Window එකෙන්, Startup නම් Tab එකට යොමු වෙන්න. ඉන්පසු ඔබගේ පරිගණකයේ ස්වයංක්‍රීයව ආරම්භවන වැඩසටහන් දැක ගත හැකි වනු ඇත.


2. Registry Editor එක භාවිතයෙන් මෙය සිදු කරන ආකාරය මෙන්න, පළමුව Run නම් වැඩසටහන් ආරම්භ කරගන්න, ඉන්පසු එහි regedit ලෙස ලියා Enter යතුර ඔබන්න. මෙවිට ඔබට Registry Editor නම් වැඩසටහනක් විවෘත වෙනු ඇත. එහි HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\Run නම් Key එක විවෘත කරගන්න. එහි ඇත්තේ ඔබගේ පරිගණකයේ Auto-Start වන වැඩසටහන්‍ ය. එවැනි Sub-Keys Delete කරමින් ඔබට ඔබගේ පරිගණකයේ ස්වයංක්‍රීයව ආරම්භ වෙන වැඩසටහන් පාලනය කරගත හැකිය.


3. Windows තුලද මේ සඳහා විශේෂ Folder එකක් ඇත ඒනම් Startup Folder එකයි. එය ඇත්තේ මෙම URL එකේය, C:\ProgramData\Microsoft\Windows\Start Menu\Programs\StartUp

4. CCleaner වැනි 3rd Party Application එකක් භාවිතා කොටද ඔබට මේ කාරණයේදී විසඳුමක් කරා ලඟා විය හැකිය. CCleaner, Advanced System Care වැනි System Optimization Software භාවිතයෙන් Startup Apps නැවැත්විය හැකිය. මෙවැනි වැඩසටහන් අන්ත්ර්ජාලයේ ඇතිතරම් ඇත. ඔබ කලයුත්තේ Google හෝ ඔබ කැමති Search Engine එක තුල "System Optimization Software Free Download" වැනි පාඨයක් Search කිරීමයි

Comments

Popular posts from this blog

1 - Introduction to Sass and Variables | Sass Tutorials (SCSS)

This tutorial series at https://www.youtube.com/watch?v=upFW3wJoawk&t=1s&index=1&list=PLiugj09i4WUISuDdzEYu7FTCKWQhtO_lp will teach you how to use Sass in designing and developing your websites. We're going to be talking about, 1. Variables 2. Partials 3. Nesting 4. Mixins 5. Inheritance in this video. Please watch it till the end and share it if you like :D

Resource Hacker යොදා ගෙන Files Hack කරමු!

Resource Hacker යනු කුමක්ද? Resource Hacker යනු Windows Executable (*.EXE), Dynamic Link Library (*.DLL),  යන ෆයිල් වල අන්තර්ගතයට රිසි සේ ඇතුළුවීමට ඉඩ ලබා දෙන Application එකකි. මෙම ලිපිය කියවීමෙන් ඔබට එය පහසුවෙන් හසුරුවන ආකාරය ගැන දැනගත හැකි වේ  Resource Hacker භවිතයෙන් හානියක් සිදු වෙයිද? Resource Hacker විසින් සිදු කරන්නේ Encrypt වී ඇති ගොනුවකට Access වී එහි අන්තර්ගතය උරා ගෙන එය අපට දර්ශනය කර දීමයි. එම ක්‍රියාවේදී තමා යොදා ගන්නා EXE හෝ අනෙකුත් ගොනුවක Design එකට හානියක් විය හැකිය, එමෙන්ම එම ගොනුවේ ඇති Windows Executable Compression එකට හානියක් විය හැකිය. මෙවැනි අනතුරක් විය හැක්කේ, ඔබ අතින් සිදුවන අත්වැරැද්දක් නිසා පමණි. එමනිසා හොඳම දෙය වන්නේ, Backup File එකක් භාවිත කිරීමයි. Resource Hacker පාවිච්චි කරන්නේ කෙසේද? 1. පළමුව Resource Hacker නම් පරිගණක මෘදුකාංගය ඔබගේ පරිගණකයට බාගත කරගන්න. ඔබට මෙහි සංස්කරණ දෙකක් ලෙස බාගත කරගත හැක. ZIP Portable සහ Installer Executable ලෙස. http://www.angusj.com/resourcehacker/#downloa d 2. ඔබ පාවිච්චි කරන්නේ ZIP...

Microsoft Office 2016 ගැන අලුත් තොරතුරු

මේ වන විට Microsoft Office Suite එක ගැන නොදන්න කෙනෙක් නැති බව විශ්වාසයි.  කොහොම වුනත් Microsoft සමාගම විසින් Release කරන ලද Microsoft Windows 10  වෙළඳපොලේදී වෙශේෂ තැනක් ගත්නිසා Next Generation එකට වඩාත් සම්බන්දයක් ඇති  Microsoft Office 2016 ලොවට ලබා දීමට Microsoft සමාගම සූදානම් වී ඇත.  කලින් තිබූ Office Versions වලට වඩා මෙහි විශේෂ ලක්ෂණ බොහෝමයක් ඇත. කොටින්ම  කීවෝතින් මෙය Cloud ගණය ගැන අදික බරක් ඇති වැඩසටහන් මාලාවකි. එනම් බොහෝ  වැඩකටයුතු ඔබගේ Microsoft ගිණුම හා Sync වෙනු ඇත. මෙය Release වන්නේ කවදාද? 2015 සැප්තැම්බර් 22 වන දිනට මෙය Release වනු ඇත. මෙහි මිල කොපමණද? මෙය අමරිකානු ඩොලර් 145 පමණ වේ (රුපියල් 18 000). කෙසේ වුවද Mobile Devices පාවිච්චි  කරන කට්ටියට මේක නොමිලේ ම ලබා ගත හැක. කොහොම කීවත් සැප්තැම්බර් 24 වැනිදා  වීමටත් පෙර මේ වැඩසටහනට Cracks, Activators සෑදෙන බව මට විශ්වාසයි. මෙහි අලුත් Features මොනවාද? ක්ෂණික Document Sync කිරීම් පහසු ගොනු හුවමාරුව Insights පහසුකම සංස්කරණ ඉතිහාසයෙහි වෙනස්කම් නව ව්‍යාකරණ සොයාබැලීම් ...