Skip to main content

Hyper-V ඔබගේ පරිගණකයේ ඇතිදැයි බලන්නේ කෙසේද?

Hyper-V යනු Virtualization සඳහා අවශ්‍ය කරන වැදගත් Windows Feature එකකි. මෙය තිබීමට හෝ නැතිවීමට බලපාන්නේ ඔබගේ Central Processing Unit එකයි. කෙටියෙන් කිවහොත් Intel i-Series එක වැනි යම් මට්ටමකින් Generation එක අලුත් Processor එකක් ඔබගේ පරිගණකය සතුනම්, Hyper-V නිසැකවම ඔබගේ පරිගණකයේ තිබෙණු ඇත. එම Windows Feature එක ඔබගේ පරිගණකයේ ඇතිදැයි සොයා බැලීමට මෙම ක්‍රමය භාවිත කරන්න.

1. Start විවෘත කර (Windows Logo Button or Click Start) Windows Features ලෙස Search කරන්න. එවිට ඔබට Turn Windows Features On or Off නම් Search Result එකක් දිස් වනු ඇත. එයට Click කර විවෘත කරගන්න.

2. දැන් එහි Hyper-V නම් Features Bundle එකක් ඇතිදැයි බලන්න. එය නැතහොත් ඔබගේ පරිගණකයේ Hyper-V ඇත්තේ නැත. එහෙත් Windows 8.1 සහ ඊටත් අලුත් සංස්කරණ වලදී Hyper-V Platform එක ඇරෙන්න අනෙකුත් Features Preinstalled ලැබෙනු ඇත. රූපයේ පෙන්වන්නේ එවැනි එකකි. එහෙත් මෙය Hyper-V තිබීමට සුදුසු පරිගණකයක්නම් නෙවෙයි.


3. Hyper-V නම් Item එකක් තිබුණහොත් එය Expand කර Disable (අලු පාට වී ඇති) වී නොමැති Items සියල්ලට Tick එකක් දමා Check කරගන්න. ඉන්පසු OK නම් Button එක ඔබන්න. දැන් ඔබගේ පරිගණකයට Hyper-V Platform එක සහ Hyper-V ඇතුලත් වනු ඇත.

4. මෙම ක්‍රියාකාරකම අවසානයේ දී Windows Update Service එක Stop කිරීමට අමතක නොකරන්න.

මගේ CPU එක හොඳයිද?

සාමාන්‍යයෙන් Intel i-Series CPU වලට Hyper-V පහසුකම් ලැබෙනු ඇත. උදාහරණ වශයෙන් ගත් කල Intel Core i3, Core i5, Core i7. තවද බොහෝ Laptops සඳහා මෙම Feature එක ලැබෙනු ඇත. මෙය Bios මගින් Check කල හැක. Virtualization නම් Setting එක Enabled නම් Hyper-V Installation එක කරගත හැකි වනු ඇත.  

Comments

Popular posts from this blog

1 - Introduction to Sass and Variables | Sass Tutorials (SCSS)

This tutorial series at https://www.youtube.com/watch?v=upFW3wJoawk&t=1s&index=1&list=PLiugj09i4WUISuDdzEYu7FTCKWQhtO_lp will teach you how to use Sass in designing and developing your websites. We're going to be talking about, 1. Variables 2. Partials 3. Nesting 4. Mixins 5. Inheritance in this video. Please watch it till the end and share it if you like :D

Auto-Starting Apps නවත්වන්නේ කෙසේද?

Auto-Start Apps යනු ස්වයංක්‍රීයව ආරම්භ වන Applications ය. බොහෝ වශයෙන් මේවාට අයත් වන්නේ Antivirus No GUI Launches, Driver Software bootup, සහ අනෙකුත් මෘදුකාංග ය. එහෙත් මෙලෙස ස්වයංක්‍රීයව ආරම්භ වීමට Virus, Malware, වැනි හානිදායක වැඩසටහන් වලටද හැකියාවක් ඇත. එවැනි අවස්ථා අවම කරගන්නා අකාරය මෙම ලිපිය කියවීමෙන් ඔබට වැටහෙනු ඇත. පහතින් ක්‍රම කිහිපයක්ම දක්නට ඇත. ඒවා භාවිතයෙන් AutoStartup Apps නවත්වාගන්න 1. Windows 8, 8.1, 10 වැනි සංස්කරණ වලට අපට Task Manager නම් වැඩසටහනක් මගින් මෙම කාර්‍ය කරගත හැක. ඒ සඳහා Taskbar එක තුලට Right Click කර Task Manager නම් menu එක තෝරාගන්න. ඉන්පසු ලැබෙන Window එකෙන්, Startup නම් Tab එකට යොමු වෙන්න. ඉන්පසු ඔබගේ පරිගණකයේ ස්වයංක්‍රීයව ආරම්භවන වැඩසටහන් දැක ගත හැකි වනු ඇත. 2. Registry Editor එක භාවිතයෙන් මෙය සිදු කරන ආකාරය මෙන්න, පළමුව Run නම් වැඩසටහන් ආරම්භ කරගන්න, ඉන්පසු එහි regedit ලෙස ලියා Enter යතුර ඔබන්න. මෙවිට ඔබට Registry Editor නම් වැඩසටහනක් විවෘත වෙනු ඇත. එහි HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\Run නම් Key එක විවෘත කරග...

Creating a Timer in Unity Engine 5

In a lot of games we use Timers to make the user wait till you're giving them an upgrade such as Clash of Clans and Age of Empires. So if you're making such game in Unity Engine you can use this technique to create a basic timer in Unity Engine to countdown that amount of time.