Skip to main content

Resource Hacker යොදා ගෙන Files Hack කරමු!

Resource Hacker යනු කුමක්ද?

Resource Hacker යනු Windows Executable (*.EXE), Dynamic Link Library (*.DLL),  යන ෆයිල් වල අන්තර්ගතයට රිසි සේ ඇතුළුවීමට ඉඩ ලබා දෙන Application එකකි. මෙම ලිපිය කියවීමෙන් ඔබට එය පහසුවෙන් හසුරුවන ආකාරය ගැන දැනගත හැකි වේ 


Resource Hacker භවිතයෙන් හානියක් සිදු වෙයිද?

Resource Hacker විසින් සිදු කරන්නේ Encrypt වී ඇති ගොනුවකට Access වී එහි අන්තර්ගතය උරා ගෙන එය අපට දර්ශනය කර දීමයි. එම ක්‍රියාවේදී තමා යොදා ගන්නා EXE හෝ අනෙකුත් ගොනුවක Design එකට හානියක් විය හැකිය, එමෙන්ම එම ගොනුවේ ඇති Windows Executable Compression එකට හානියක් විය හැකිය. මෙවැනි අනතුරක් විය හැක්කේ, ඔබ අතින් සිදුවන අත්වැරැද්දක් නිසා පමණි. එමනිසා හොඳම දෙය වන්නේ, Backup File එකක් භාවිත කිරීමයි.

Resource Hacker පාවිච්චි කරන්නේ කෙසේද?

1. පළමුව Resource Hacker නම් පරිගණක මෘදුකාංගය ඔබගේ පරිගණකයට බාගත කරගන්න. ඔබට මෙහි සංස්කරණ දෙකක් ලෙස බාගත කරගත හැක. ZIP Portable සහ Installer Executable ලෙස.




2. ඔබ පාවිච්චි කරන්නේ ZIP Portable සංස්කරණය නම් බාගත කරන ලද ZIP File එක කැමති තැනකට Extract කරගන්න.



එසේ නැතිනම් එබ බාගත කරගන්නා ලද Installer එක මත Double Click කර Install කර ගන්න.

3. ඉන්පසු ඔබට Hack කිරීමට අවශ්‍ය ගොනුව තිබෙනා ස්ථානයට පිවිසෙන්න (Hack කිරීමට පෙර Backup එකක් සාදා ගන්න) 



4. දැන් Right Click කර Context Menu එකේ ඇති Open with Resource Hacker යන පාඨයට Click කරන්න. (මෙය ක්‍රියා කරන්නේ Installer සංස්කරණයේ පමණයි, ZIP සංස්කරණයේදී Resource Hacker Open කර Hack කිරීමට අවශ්‍ය ගොනුව ඇද දමන්න.)






දැන් ඔබට Folders කිහිප සංඛ්‍යාවක් දැකගත හැක. එහිදී ඔබට අන්තර්ගතයන් වෙන් වෙන්ව හඳුනා ගත හැකි වේ. 


Bitmap:- තමා යොදා ගත් ගොනුවේ ඇති, BMP එහෙමත් නැතිනම් Bitmap Files විවෘත කර ගැනීමට මෙම Folder එක උපකාරවනු ඇත. 

Icon:- තමා යොදා ගත් ගොනුවේ අන්තර්ගතව ඇති Icons දැක ගැනීමට මෙම Folder එක උපකාර වනු ඇත.

Icon Group:- Icons විවිද Sizes වලින් සෑදී ඇත. ඒවා සියල්ල එක Group එකක් ලෙස දැක ගැනීමට මෙම Folder එක උපකාර වනු ඇත.

Version Info:- තමා ඇතුලත් කරන ලද ගොනුවෙහි සංස්කරණය තොරතුරු මෙම Folder එක තුල රැඳී පවතී. ඒවා යොදා ගෙන ඔබට File Publisher, Artist or Company, File names and Versions වැනී විවිද කොටස් Edit කරගත හැක.

Manifiest:- තමා ඇතුලත් කරන ලද File එකෙහි වැඩිදුර තොරතුරු වෙනස් කිරීමට මෙම Folder එක භාවිත කරන්න පුළුවන්. මෙය XML භාෂාවෙන් සෑදී ඇත (බොහෝ Platforms වලට සාදන Apps වලට මෙම භාෂාව භාවිත කරනු ලබයි ex:- Android)

තවද Dialog, Menu වැනි විවිද Folders දැක ගත හැකි වනු ඇත.

6. Action යන Menu එක භාවිතයෙන් ඔබට,


  • යොදා ඇති Resources වෙනස් කල හැකිය
  • යොදා ඇති Icons වෙනස් කල හැකිය
  • නව ගොනු සෑදිය හැකිය
  • යොදා ඇති ගොනු මකා දැමීම කල හැකිය.
7. ගොනුවෙහි ඇති Icons Replace කිරීමට Action > Replace Icon... යන්න භාවිත කල හැකිය.



මෙම ලිපිය කියවීමෙන් ඔබට මෙම මෘදුකාංගය නිසි ලෙස භාවිත කරන හැටි ගැන හොදින් දැන ගත හැකි වනු ඇත. ඔබ ඉගෙන ගත් දෙය වැඩක් ඇතිනම් +1 කරන්න. කිසිදු ප්‍රශ්නයක් ඇතිනම් Comment කර විසඳාගන්න.

Comments

Popular posts from this blog

1 - Introduction to Sass and Variables | Sass Tutorials (SCSS)

This tutorial series at https://www.youtube.com/watch?v=upFW3wJoawk&t=1s&index=1&list=PLiugj09i4WUISuDdzEYu7FTCKWQhtO_lp will teach you how to use Sass in designing and developing your websites. We're going to be talking about, 1. Variables 2. Partials 3. Nesting 4. Mixins 5. Inheritance in this video. Please watch it till the end and share it if you like :D

Auto-Starting Apps නවත්වන්නේ කෙසේද?

Auto-Start Apps යනු ස්වයංක්‍රීයව ආරම්භ වන Applications ය. බොහෝ වශයෙන් මේවාට අයත් වන්නේ Antivirus No GUI Launches, Driver Software bootup, සහ අනෙකුත් මෘදුකාංග ය. එහෙත් මෙලෙස ස්වයංක්‍රීයව ආරම්භ වීමට Virus, Malware, වැනි හානිදායක වැඩසටහන් වලටද හැකියාවක් ඇත. එවැනි අවස්ථා අවම කරගන්නා අකාරය මෙම ලිපිය කියවීමෙන් ඔබට වැටහෙනු ඇත. පහතින් ක්‍රම කිහිපයක්ම දක්නට ඇත. ඒවා භාවිතයෙන් AutoStartup Apps නවත්වාගන්න 1. Windows 8, 8.1, 10 වැනි සංස්කරණ වලට අපට Task Manager නම් වැඩසටහනක් මගින් මෙම කාර්‍ය කරගත හැක. ඒ සඳහා Taskbar එක තුලට Right Click කර Task Manager නම් menu එක තෝරාගන්න. ඉන්පසු ලැබෙන Window එකෙන්, Startup නම් Tab එකට යොමු වෙන්න. ඉන්පසු ඔබගේ පරිගණකයේ ස්වයංක්‍රීයව ආරම්භවන වැඩසටහන් දැක ගත හැකි වනු ඇත. 2. Registry Editor එක භාවිතයෙන් මෙය සිදු කරන ආකාරය මෙන්න, පළමුව Run නම් වැඩසටහන් ආරම්භ කරගන්න, ඉන්පසු එහි regedit ලෙස ලියා Enter යතුර ඔබන්න. මෙවිට ඔබට Registry Editor නම් වැඩසටහනක් විවෘත වෙනු ඇත. එහි HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\Run නම් Key එක විවෘත කරග...

Creating a Timer in Unity Engine 5

In a lot of games we use Timers to make the user wait till you're giving them an upgrade such as Clash of Clans and Age of Empires. So if you're making such game in Unity Engine you can use this technique to create a basic timer in Unity Engine to countdown that amount of time.