Skip to main content

Resource Hacker යොදා ගෙන Files Hack කරමු!

Resource Hacker යනු කුමක්ද?

Resource Hacker යනු Windows Executable (*.EXE), Dynamic Link Library (*.DLL),  යන ෆයිල් වල අන්තර්ගතයට රිසි සේ ඇතුළුවීමට ඉඩ ලබා දෙන Application එකකි. මෙම ලිපිය කියවීමෙන් ඔබට එය පහසුවෙන් හසුරුවන ආකාරය ගැන දැනගත හැකි වේ 


Resource Hacker භවිතයෙන් හානියක් සිදු වෙයිද?

Resource Hacker විසින් සිදු කරන්නේ Encrypt වී ඇති ගොනුවකට Access වී එහි අන්තර්ගතය උරා ගෙන එය අපට දර්ශනය කර දීමයි. එම ක්‍රියාවේදී තමා යොදා ගන්නා EXE හෝ අනෙකුත් ගොනුවක Design එකට හානියක් විය හැකිය, එමෙන්ම එම ගොනුවේ ඇති Windows Executable Compression එකට හානියක් විය හැකිය. මෙවැනි අනතුරක් විය හැක්කේ, ඔබ අතින් සිදුවන අත්වැරැද්දක් නිසා පමණි. එමනිසා හොඳම දෙය වන්නේ, Backup File එකක් භාවිත කිරීමයි.

Resource Hacker පාවිච්චි කරන්නේ කෙසේද?

1. පළමුව Resource Hacker නම් පරිගණක මෘදුකාංගය ඔබගේ පරිගණකයට බාගත කරගන්න. ඔබට මෙහි සංස්කරණ දෙකක් ලෙස බාගත කරගත හැක. ZIP Portable සහ Installer Executable ලෙස.




2. ඔබ පාවිච්චි කරන්නේ ZIP Portable සංස්කරණය නම් බාගත කරන ලද ZIP File එක කැමති තැනකට Extract කරගන්න.



එසේ නැතිනම් එබ බාගත කරගන්නා ලද Installer එක මත Double Click කර Install කර ගන්න.

3. ඉන්පසු ඔබට Hack කිරීමට අවශ්‍ය ගොනුව තිබෙනා ස්ථානයට පිවිසෙන්න (Hack කිරීමට පෙර Backup එකක් සාදා ගන්න) 



4. දැන් Right Click කර Context Menu එකේ ඇති Open with Resource Hacker යන පාඨයට Click කරන්න. (මෙය ක්‍රියා කරන්නේ Installer සංස්කරණයේ පමණයි, ZIP සංස්කරණයේදී Resource Hacker Open කර Hack කිරීමට අවශ්‍ය ගොනුව ඇද දමන්න.)






දැන් ඔබට Folders කිහිප සංඛ්‍යාවක් දැකගත හැක. එහිදී ඔබට අන්තර්ගතයන් වෙන් වෙන්ව හඳුනා ගත හැකි වේ. 


Bitmap:- තමා යොදා ගත් ගොනුවේ ඇති, BMP එහෙමත් නැතිනම් Bitmap Files විවෘත කර ගැනීමට මෙම Folder එක උපකාරවනු ඇත. 

Icon:- තමා යොදා ගත් ගොනුවේ අන්තර්ගතව ඇති Icons දැක ගැනීමට මෙම Folder එක උපකාර වනු ඇත.

Icon Group:- Icons විවිද Sizes වලින් සෑදී ඇත. ඒවා සියල්ල එක Group එකක් ලෙස දැක ගැනීමට මෙම Folder එක උපකාර වනු ඇත.

Version Info:- තමා ඇතුලත් කරන ලද ගොනුවෙහි සංස්කරණය තොරතුරු මෙම Folder එක තුල රැඳී පවතී. ඒවා යොදා ගෙන ඔබට File Publisher, Artist or Company, File names and Versions වැනී විවිද කොටස් Edit කරගත හැක.

Manifiest:- තමා ඇතුලත් කරන ලද File එකෙහි වැඩිදුර තොරතුරු වෙනස් කිරීමට මෙම Folder එක භාවිත කරන්න පුළුවන්. මෙය XML භාෂාවෙන් සෑදී ඇත (බොහෝ Platforms වලට සාදන Apps වලට මෙම භාෂාව භාවිත කරනු ලබයි ex:- Android)

තවද Dialog, Menu වැනි විවිද Folders දැක ගත හැකි වනු ඇත.

6. Action යන Menu එක භාවිතයෙන් ඔබට,


  • යොදා ඇති Resources වෙනස් කල හැකිය
  • යොදා ඇති Icons වෙනස් කල හැකිය
  • නව ගොනු සෑදිය හැකිය
  • යොදා ඇති ගොනු මකා දැමීම කල හැකිය.
7. ගොනුවෙහි ඇති Icons Replace කිරීමට Action > Replace Icon... යන්න භාවිත කල හැකිය.



මෙම ලිපිය කියවීමෙන් ඔබට මෙම මෘදුකාංගය නිසි ලෙස භාවිත කරන හැටි ගැන හොදින් දැන ගත හැකි වනු ඇත. ඔබ ඉගෙන ගත් දෙය වැඩක් ඇතිනම් +1 කරන්න. කිසිදු ප්‍රශ්නයක් ඇතිනම් Comment කර විසඳාගන්න.

Comments

Popular posts from this blog

Animating Objects in WPF using Code Behind (C#)

A Feature that is built in to the WPF Platform is the ability to animate content without using Timers. That is inside the System.Windows.Media.Animation namespace. In this video, I'm going to help you with creating animations using the code behind (C#)

Command Prompt යනු කුමක්ද?

Microsoft සමාගම විසින් I/O (Input or Output) කර්‍යයන් පහසු කිරීමට Command Promt. නම් Console Based Program එක Windows හි Poor User Interfaced Controller Program එක ලෙස Windows සමගම Release කරන ලද Program එකකි. Command Prompt වැනි වැඩසටහනකට කර හැක්කේ මොනවාද? Command Prompt. වැඩසටහනෙන් තම පරිගණකයේ ගොනු පද්දතිය (File System) එක පාලනය කල හැකි බව ඔනෑම පුද්ගලයෙක් දන්නවා. එහෙත් මෙයි ඊට වඩා වැඩක් කරගත හැකි බව දැනගත යුතුය, එමෙන්ම එවැනි වැදගත් කරුණු මෙම ලිපියේ දී ඔබට දැනගත හැකිවනු ඇත. GUI එකක් තිබෙද්දී මෙය පාවිච්චි කරන්නේ ඇයි? GUI (Graphical User Interface) එනම් අපට ඇසට ප්‍රියජනක ලෙස දැකගත හැකිවන පරිදි Colors, Images වැනි Windows Controls යොදාගෙන සාදා ඇති අතුරු මුහුනතක් (Windows Explorer) Windows සමග ඔබට ලැබෙනු ඇත. එහෙත් සාම්ප්‍රදායිකව Windows සමග ඔබට ලැබෙන මේ වැඩසටහන පාවිච්චි කිරීමටද වැදගත් හේතු කිහිපයක් තිබේ. 1. Windows Explorer නම් වැඩසටහනට නොපෙනෙන හෝ Restricted කලාපයන්ට ඇතුලත් වීමට Command Prompt වැඩසටහනට හැකියාවක් ඇත. 2. Windows Explorer වැනි වැඩසටහනක් මේ වන විට දියුණුවෙන් දියු...

C:\ Drive එක Compress නොකල යුත්තේ ඇයි?

අප කවුරුත් දන්නවා Windows install කරපසුව C:\ නමින් ඇති Drive එක Windows Installation Drive එක වන බව. කොටින්ම කියනවානම් C:\ යනු පරිගණකයේ ඇති වැදගත්ම Hard Disk Partition එක ලෙස සැලකිය හැකිය. මන්ද Windows Run කිරීමට අත්‍යවශ්‍ය Files සියල්ලම ඇත්තේ C:\ නම් Disk එකේය. යම්කිසි Drive එකක් Compress කිරීමෙන් සිදුවන්නේ එහි ඇති Files Access වීමට පෙර යම්කිසි Algorithm එකකට Compress වීමයි (මෙය Disk Space එක වැඩි කරදෙයි). එම Files වලට හරි ආකාරව Access වීමේදී ඒවා නැවත Decompress වී Open වෙයි. මෙයට යම් කාලයක් ගතවෙයි. එහෙත් C:\ හැරුණු විට අනෙකුත් Drives වලට එයින් කිසිදු හානියක් සිදු වන්නේ නැත. C:\Windows\ යනු පරිගණකයේ Windows Installation path එක කියා කවුරුත් දන්නවා. එහි ඇති BootMGR වැනි Boot වීමට වැදගත් Files වලට Boot වීමේදී Decompress කිරීමට අවසරයක් නැත. එම නිසා ඔබගේ පරිගණකය ඔබට් Boot කිරීමට නොහැකි වනු ඇත.