Skip to main content

Windows 8 හා ඉහත සංස්කරණ වල ඇති Quick Delete

Windows 7 තිබූ පරිගණක හිමිකරුවෙක් කවදා හෝ Windows 8, 8.1, 10 වැනි සංස්කරණයක් භාවිත කරන්නට පටන්ගත්තොත් ඔහුට නැගෙන ප්‍රශ්නයක් වන්නේ යම් ගොනුවක් මකාදැමීමට පෙර අපගෙන් අසන්නේ නැති වීමයි. එය Windows අලුත් සංස්කරණ වල Feature එකක් වුවද එය යම් විටක කරදරකාරී විය හැකිය. එහෙත් එය යම් පුද්ගලයන්ට (අත්දැකීම් බහුල හෝ පළපුරුදු පුද්ගලයන්ට) වාසි දායක තත්වයකි. මෙම ලිපිය කියවීමෙන් ඔබට මේ පිළිබඳව හරියටම දැනගත හැකිවනු ඇත.

මෙය නවත්වන්නේ කෙසේද?

අපි කෙලින්ම මේ වැඩේට බහිමු. ඔබට මෙම Feature එක කරදරයක් නම් මෙන්න විසඳුම්.

1. Recycle Bin එක විවෘත කරගන්න.

එය ඔබගේ Desktop (Physical හෝ Visual) එකෙහි ඇත. එසේ නොවේ නම්,

Windows 7 > Control Panel > Personalize > Desktop Icon Settings
Windows 8.1 සහ  ඉහළ > Settings > Personalize > Themes > Desktop Icon Settings

2. Recycle Bin එක විවෘත කරගත පසුව එහි ඇති Manage Tab එක මත Click කර Recycle Bin Properties නම් Button එක ඔබා එම Dialog එක විවෘත කරගන්න.

3. ඉන්පසු එහි ඇති "Display Delete Confirmation Dialog" නම් CheckBox එක Check කරගන්න (Click කරන්න).

දැන් ඔබගේ ප්‍රශ්නය විසඳී ඇත. ඔබට අයිති ගොනුවක් Select කර Delete Button එක ඔබා බලන්න. එවිට Confirm කිරීමට වෙනම message එකක් ඔබ වෙත නැගෙනු ඇත.

Comments

Popular posts from this blog

1 - Introduction to Sass and Variables | Sass Tutorials (SCSS)

This tutorial series at https://www.youtube.com/watch?v=upFW3wJoawk&t=1s&index=1&list=PLiugj09i4WUISuDdzEYu7FTCKWQhtO_lp will teach you how to use Sass in designing and developing your websites. We're going to be talking about, 1. Variables 2. Partials 3. Nesting 4. Mixins 5. Inheritance in this video. Please watch it till the end and share it if you like :D

Auto-Starting Apps නවත්වන්නේ කෙසේද?

Auto-Start Apps යනු ස්වයංක්‍රීයව ආරම්භ වන Applications ය. බොහෝ වශයෙන් මේවාට අයත් වන්නේ Antivirus No GUI Launches, Driver Software bootup, සහ අනෙකුත් මෘදුකාංග ය. එහෙත් මෙලෙස ස්වයංක්‍රීයව ආරම්භ වීමට Virus, Malware, වැනි හානිදායක වැඩසටහන් වලටද හැකියාවක් ඇත. එවැනි අවස්ථා අවම කරගන්නා අකාරය මෙම ලිපිය කියවීමෙන් ඔබට වැටහෙනු ඇත. පහතින් ක්‍රම කිහිපයක්ම දක්නට ඇත. ඒවා භාවිතයෙන් AutoStartup Apps නවත්වාගන්න 1. Windows 8, 8.1, 10 වැනි සංස්කරණ වලට අපට Task Manager නම් වැඩසටහනක් මගින් මෙම කාර්‍ය කරගත හැක. ඒ සඳහා Taskbar එක තුලට Right Click කර Task Manager නම් menu එක තෝරාගන්න. ඉන්පසු ලැබෙන Window එකෙන්, Startup නම් Tab එකට යොමු වෙන්න. ඉන්පසු ඔබගේ පරිගණකයේ ස්වයංක්‍රීයව ආරම්භවන වැඩසටහන් දැක ගත හැකි වනු ඇත. 2. Registry Editor එක භාවිතයෙන් මෙය සිදු කරන ආකාරය මෙන්න, පළමුව Run නම් වැඩසටහන් ආරම්භ කරගන්න, ඉන්පසු එහි regedit ලෙස ලියා Enter යතුර ඔබන්න. මෙවිට ඔබට Registry Editor නම් වැඩසටහනක් විවෘත වෙනු ඇත. එහි HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\Run නම් Key එක විවෘත කරග...

Creating a Timer in Unity Engine 5

In a lot of games we use Timers to make the user wait till you're giving them an upgrade such as Clash of Clans and Age of Empires. So if you're making such game in Unity Engine you can use this technique to create a basic timer in Unity Engine to countdown that amount of time.