Windows 7 තිබූ පරිගණක හිමිකරුවෙක් කවදා හෝ Windows 8, 8.1, 10 වැනි සංස්කරණයක් භාවිත කරන්නට පටන්ගත්තොත් ඔහුට නැගෙන ප්‍රශ්නයක් වන්නේ යම් ගොනුවක් මකාදැමීමට පෙර අපගෙන් අසන්නේ නැති වීමයි. එය Windows අලුත් සංස්කරණ වල Feature එකක් වුවද එය යම් විටක කරදරකාරී විය හැකිය. එහෙත් එය යම් පුද්ගලයන්ට (අත්දැකීම් බහුල හෝ පළපුරුදු පුද්ගලයන්ට) වාසි දායක තත්වයකි. මෙම ලිපිය කියවීමෙන් ඔබට මේ පිළිබඳව හරියටම දැනගත හැකිවනු ඇත. මෙය නවත්වන්නේ කෙසේද? අපි කෙලින්ම මේ වැඩේට බහිමු. ඔබට මෙම Feature එක කරදරයක් නම් මෙන්න විසඳුම්. 1. Recycle Bin එක විවෘත කරගන්න. එය ඔබගේ Desktop (Physical හෝ Visual) එකෙහි ඇත. එසේ නොවේ නම්, Windows 7 > Control Panel > Personalize > Desktop Icon Settings Windows 8.1 සහ ඉහළ > Settings > Personalize > Themes > Desktop Icon Settings 2. Recycle Bin එක විවෘත කරගත පසුව එහි ඇති Manage Tab එක මත Click කර Recycle Bin Properties නම් Button එක ඔබා එම Dialog එක විවෘත කරගන්න. 3. ඉන්පසු එහි ඇති "Display Delete Confirmation Dialog" නම් CheckBox එක Check කරගන්න...
නව පරිගණක තාක්ෂනය සිංහලෙන් ඔබ වෙත...